Sunday, October 17, 2010

ස්වර්ණවාහිනිය පච වැඩක් කරයි.

ඔන්න මම කාලෙකට පස්සෙ ලියන්නෙ. අද(ඔක්තෝම්බර් 17) රෑ වෙච්ච සිද්දියක් ගැන!

හරි අපි හැමෝම දන්නව ස්වර්ණවාහිනියෙ යන Mega Star වැඩසටහන ගැන. ඒක මම නම් බලන්නෙ සිංදු අහනවට වඩා විනිස්ස මණ්ඩලේ දෙන ආතල් එක බලන්න. ඔන්න ඉතින් අද ඒ වගේ fun වැඩ වුනා. :) ඒත් මම මේ කියන්නෙ ඒක ගැන නෙමේ. කරපු මාර ජරා වැඩක් ගැනයි.

කොහොම හරි අද 4 දෙනාගෙන් 3 න් දෙනක් තෝරන්නයි තිබ්බෙ. ඒ තුන් දෙනා අවසන් මහ තරගයට යනව. කොහොම හරි අන්තිමට සෙට් වුනේ දයාසිරි යි, උපේක්ෂයි. හරි ඒකෙත් කිසිම අවුලක් නෑ. කොහොම හරි අන්තිමට නිවේදකය තටමල තටමල මරු තීරණයක් දුන්න. ඒ දෙන්නම අවසන් තරගෙට යවන්න. ඒ කියන්නෙ 4 දෙනාවම. 


හරි දැන් මෙතන අවුල මොකක්ද?

මේක SMS මත පදනම් වුන තරගයක්. අද තරගෙදිත් වෙනද වගේම SMS මත පාදම් වෙච්ච එකක්. ඉතින් අද වුනේ SMS දුන්න මහ ජනතාවගෙ තීරනේට පිටුපාපු එකක්. කොටින්ම කිව්වොත් SMS තීරනේ බල්ලට දැම්ම. ඒක හරි වැරදියි. මෙතන වෙන්නෙ මහ පරිමාණ SMS තරගයක් ඒක හිනද එහෙම හිතු මනාපෙට එහෙම ඒක ඉවත දාන්න බෑ.

ස්වර්ණවාහිනිය මුලින්ම කිව්වනම් අද SMS බලපෑමක් නෑ කියල. අන්න ඒක හරි. එහෙනම් මිනිස්සු SMS ගහන්නේ නෑනෙ. අද රු. 5ක් වියදම් කරල කී දෙනෙක් SMS ගහන්න ඇත්ද? ඒ කෙන් වැඩක් වුන් නෑනෙ. මම කියන්නෙ මේ වගෙ දේවල් කරද්දි හුදෙක් Marketing අරමුණු පතාගෙනම කරන්න හරි නෑ. මේක පිටි පස්සේ ඉන්න මිනිස්සු ගැනත් හිතන්න ඕන.

හරි මේ මගේ මතේ. මොකද කියන්නෙ?

12 comments:

  1. මුන් අපේ රුපියල් පහ කේව. අහු වෙන්නෙපා තොපි ස්ලේව් අයිලන්ඩ් එකේ පේළියට තියල ^%^$%*^^&^%^&^&*(&*&**.....................


    (** **** SMS යවපු දුකට moodfix වෙන්න 'ස' වත් අහපල්ලා දැන් :D)

    ReplyDelete
  2. පාන් තව රුපියල් දහයකින් වැඩි වුනත් අපේ මෝඩ මහජනතාව ඔය ඉලව් වලට SMS නොගහ ඉන්නේ නෑ... අන්න එතන තමයි වරද තියෙන්නේ.

    ReplyDelete
  3. පස්වරක් පහ විසිපහයි කියල ගහපන් මල්ලි ගූගල් එකේ... උඹ උත්තරයක් හොයා ගනියි... ඇයි පුතේ මෙහෙම වද වෙන්නේ...

    ReplyDelete
  4. ඔවුන්ට sms ගහන එකේ තව රුපියල් පහක් දාල ආප්පයක් කනවනෙ.

    ReplyDelete
  5. අනේ එහෙම කියන්න එපා...මම පබා නැන්දිට ගානවමයි sms...

    ReplyDelete
  6. @Bunny mervin ge aluth kaalla :P Balagena umbawa shooting wlata ganee gas bandina drama eke

    ReplyDelete
  7. තව ගහපල්ලා ඈස් ඈම් ඈස්.හිටපල්ලා උඩ බලියාගෙන.පහලවේයි නිදානය දෙපතුල ලගටම.

    ReplyDelete
  8. අපේ රටේ දැවෙන ගැටලුව SMS,අනේ වාසනාවන්

    ReplyDelete
  9. මම නම් එය මෙගා ස්ටාර් කියන් මල ඉලව්ව බලන්නෙ නැත්තෙ....ඒකෙ ඉන්න ගොං නිවේදකය(ළහිරු)තටමන හැටි බලාඉන්න බැරුව.....එස් එම් එස් වලින් හරි මොන ක්‍රමයකින් හරි ජයග්‍රහයකය තේරුවට පස්සෙ ඒක කියන්න මේ ගොබ්බය රෙනවනෙ...සංසාරෙ එපා වෙනව.....අනේ මන්ද මෙහෙම නිවේදකයො තියාගෙන ඉන්නෙ අහවල් කෙං ගෙඩියකටද කියල...මම ස්වර්ණවාහිනි කළමනාකාරීත්වයෙන් අහන්නෙ...

    ReplyDelete
  10. අමූලික ඇත්ත.

    ReplyDelete