Wednesday, April 28, 2010

OpenOffice සිංහල මැරතන් - MIT - UOK - අපෙන් වැඩිම දායකත්වය

මේ කියන්න යන්නෙ 27 දා රාත්‍රී 9 සිට පුරා පැය 27 ක් පැවතුන OpenOffice සිංහල මැරතන් එක පිළිබඳව. සියළු බාදක දුරු කරගෙන තරඟය නිමා වුනා. 10 % ක පමණ වචන ප්‍රමාණයක් පරිවර්තනය කිරීමට අද දවස තුල හැකි වුනා. සංඛ්‍යවෙන් ගත්තොත් වච්න  46406. 

මේ වැඩේට MIT - UOK අපි සෑහෙන දායකත්වයක් ලබා දුන්න. මුළු පරිවර්තිත වචන ගනනින් 33% ක් පමණ කලේ අපි. හරියටම කිව්වොත් 15148 ක්. අපිට හරි සන්තෝයි. දෙවෙනියට ඉන්නෙ අප සහෝදර මොරටු සරසවි සිසු කැල.  


අපිට මේ වැඩේට සහය දෙන්න ඉඩ ලැබුන වේලාව අඩුයි. ඒ 28 වෙනිදා දහවල් කාලය පමණයි. ඒ එක්කම 28 උදේ තාක්ෂණික ගැටළුවක් වෙලා පොඩි අකරතැබ්බකටත් මුහුණ දෙන්න උනා. අපේ කට්ටිය ගොඩයි. ඒක හින්ද වෙලාව අඩු වුනත් අපිට මේක කරගන්න හැකි වුනා. :) 

මෙම වැඩසටහන සංවිදානයට මුල් වූ ඩණිෂ්ක ඇතුළු OO-LK සැමටත්, සහභාගි වූ, දිරිමත් කල, බාල්දි දැමූ සැමටම අපි MIT - UOK ප්‍රශංසාව පුදනවා. ඒ එක්කම UOK - Industrial Management දෙපාර්තුමේන්තුවේ සැවොමටත්, ජයවර්දන මහතාටත් අපේ තුති.

එහෙනම් නැවතත් මේ වගේ වැඩකින් හමුවෙන තුරු ආයුබෝවන්.

මෙන්න සමස්ත ප්‍රතිඵලය.




Monday, April 26, 2010

MIT - UOK අපි OpenOffice මැරතන් එකට සූදානම්.

මම මේ කියන්න යන්නෙ MIT - UOK අපි 27 - 28 තියෙන OpenOffice මැරතන් එකට මේ දවස්වල සූදානම් වෙනවයි කියන්න. අපිට පෝය දවසේ මුළු දවසෙම පාවිච්චි කරන්න ලැබ් එක හම්බ වෙනව. ඒ එක්කම මේ දවස්වල ඒකට අවශ්‍ය කරන මෘදුකාංග ස්තාපනය කරගෙන යනව. ඒ කියන්නෙ OpenOffice 3.2 සහ qsFox . දැන් ඒ වැඩ කටයුතු ඉවර වී ගෙන යන්නෙ. අපිට මේ වැඩේට අපේ Department එකෙන් උපරිම සහයෝගය ලැබෙනවා. 


අපි මැරතන් එකට 35 ක විතර කන්ඩායමක් සහභාගී වෙන්න බලා පොරොත්තුවෙන් ඉන්නව. ඒක සියලුම වසර වල සිසුන්ගෙන් සැදුම් ලත් කන්ඩායමක්. අපේ කන්ඩායමට OpenSource වැඩ වලට කලින් සම්බන්ද වූ අය වගේම මේ වැඩේ තියෙන වටිනාකම     නිසා සහභාගි වන අයත් ඉන්නව. කාන්තාවනුත් සැලකිය යුතු පිරිසක් සහභාගී වෙනව. :) 

දැනට තොරතුරු මෙච්චරයි. පෝය දවසෙ වන මේ පුණ්‍ය කර්මයට සම්බන්ද වෙලා පින් එකතු කර ගන්න අපි සූදානමින් ඉන්නෙ. අපි හිතනව ඔයගොල්ලොත් එහෙම ඇති කියල. 

Saturday, April 24, 2010

කැම්පස් වල වලි.

කැම්පස් කියන්නෙ වලිනෙ නේද? අපේ කැම්පස් එකත්(කැළණිය) වලි වලට හරි ජනප්‍රියයි. :) අපේ වලි යන්නෙ අල , පොදු කියන එක නිසා. (රැග් හා රැග් නැති) . හැබයි ඉතින් හැම කැම්පස් එකේම වගේ වලි තියෙනවා. මොරටුව කියන්නෙත් වලි රජ දහනක්. (එකම Batch එකෙත් සෑහෙන්ට අවුල්)



මොකද මේකට හේතුව? 

මම නම් හිතන්නෙ කස්ටියත නිදහස වැඩියි. ඒ එක්කම කොල්ලෝ ඉන්න තැන් වල වලි යනවනේ ඉතින්.

Private Campus වල වලි අඩු ඇයි? ඒවවල වලි ගියොත් suspend! ඒ එක්කම ඉගෙන ගන්නෙ සල්ලි දීලනේ. 

එහෙනම් අපි හරි මෝඩ යක්කු නේද? මහ ජනතාවගේ සල්ලි අරගෙන ඒවා විනාස කොරනවා. ඔය ගොල්ලො මොනවද කියන්නෙ?

OpenSource සහ සල්ලි

මම මේක ලියන්න ගත්තෙ පසු ගිය දවස් වල ඇතිවුන කතාබහක් හින්දයි. ඇත්තම කියනවනම් OpenOffice Sinhala Translation Marathon එකට සම්බන්දව.

සමහර අය හිතන් ඉන්නවා OpenSource (OS) කිව්වම ඒවට සල්ලි ගෑවන්න බෑ කියල. ඒක වැරදියි. කවදාවත් එහෙම එකක් ගැන නෙවේ OS වලින් කියවෙන්නෙ. OS කියන්නෙ එහි කෙතය (SOURCE) හැමෝටම පේනව කියන එකයි. ඒකම ඒ කේතය ඕනම කෙනෙක්ට අරගෙන ඕන දෙයක් කල හැකියි. (Licence එකට යටත්ව)

 


ඉතින් OS Project එකක වැඩ කරන කෙනෙක් සල්ලි ගත්තට කමක් නෑ. Linux Kernal එකේ 70% ක්ම ඉන්නෙ සල්ලී වලට වැඩ කරන අය. ඒ වගේම ඒක බලා කියා ගන්න අයත් සල්ලි ගත්තට කමක් නෑ. ඒ එයා කරන සේවාවට කරන ගෞරවයක්. Ubuntu වල Jono Bacon (Community Manager) සල්ලි වලට වැඩ කරන අයෙක්. 

ඒ එක්කම ඒ කෙනා සල්ලි අරගෙන වැඩ කලත්, එයාට ඕන කෙනෙක්ට Support එක දෙන්නත්, ඉල්ලන්නත් පුළුවන්. ඒක කඩේ යැවීමක් නෙවේ. මොකද අන්තිම ප්රයොජනය අපිටමනේ. අපි OpenOffice වල Sinhala Support එක වැඩි කලොත් ඒකේ වාසිය කාටද?  ඒක මෙහෙයවන එක්කෙනාටද?

හැබයි ඉතින් මේ ගැන දන්නෙ නැති අය කෑ ගහන්න පුලුවන්. උන් ගැන පරිස්සමෙන්. ආ සමහර OpenSource ගැන කියවන ලොක්කොත් කියනව සල්ලි OS වලට බෑ කියල. හැබයි එයාල දන්නෙ නෑ සල්ලි නැතුව කොහොමද අපි ජීවත් වෙන්නෙ කියල. සමහර විට ඒ ගොල්ලන්ට සල්ලි ඇති. ඒත් අපිට එහෙම නෑනෙ. :) 

සල්ලිත් OpenOffice වල හරයත් එක වගේ ගෙනයන අය තමා දිනන්නේ.

Twilight සහ කෙල්ලෝ

මම හිතන්නෙ මේක බලන ගොඩක් අය Twilight Film දෙකම බලලා ඇති. මම මේ කියන්න යන්නෙ ඒකෙ තියෙන හැංගිච්ච කතාවක් ගැන. 1 වෙනි Film එකේ වෙන සිද්දි දාමය වෙන්නෙ කෙල්ලෙක් මූලික වෙලා. ඒ කෙල්ල නැත්තම් අර යක්කු ටික අපූරුවට ඉන්නවා. :)



ඒ එක්කම 2 වෙනි එකත් එහෙමමයි. ඒකේ අර කෙල්ල තව එකෙක් දැලේ දාගන්නව. තව පරන කොල්ල (යකා) කෙල්ල මත්තේ ඈත ඉදන් නැහෙනවා. ආයෙත් අර පරන එකා ආවම කෙල්ල අලුත් කොල්ල දාල පරණ එකා ගාවට යනවා. කොහොමද වැඩේ. තව පොඩ්ඩෙන් උන් දෙන්න මරා ගන්නවා.

3 වෙනි එක එන්නෙ ජූනි වල මයෙ හිතේ. ඒකෙ ඉතින් ඔය කෙල්ල කොල්ලො දෙන්නව නටවන හැටි ඇති. :)


කැළණියේ මහ සංගීත සංදර්ශණයක්!

අද එකපාරටම(ඊයේ රෑ) අපි බෝඩිමේ ඉන්නකොට Musical එකක සද්දයක් ආවා. කාලෙකින් ගියෙත් නෑ. අපේ සෙට් එක යන්න ලෑස්තිය. මොකද කරන්නෙ මාත් ගියා. මැරතන් එක ටිකකට නවත්තනවා කියල ගියා. අපි තියෙන තැන වත් දන්නේ නෑ. සද්දේ එන දිශාවට ගියා. ගියාම තමා තේරුනේ එතන සෙනග ගොඩක්. මාර ෆන් . අපිත් එලටම පිස්සු කෙලියා. ලෙලි යනකම් නැටුවා. වෙලාව ගියා දන්නේම නෑ. ඉවර වෙනකම්ම හිටියා. පාන්දර 2 යි . ආපහු ආවාම තමා මතක් වුනේ මැරතන් එක. ඔන්න ඉතින් ආයෙත් දුවනවා.



ආ. සංගීතය ගැහුවේ Sanidapa. 
  • අමල් 
  • නදිනි
  • සුරේන්ද්ර
  • අමිලා නදීශානි
  • කේ. සුජීවා 

ඇතුලු සෙට් එකක්ම ආවා.   

මොරටු ආචරණය

මේක මගේ මෝරා කැම්පස් එකේ ඉන්න යාළුවෙක් කිව්වේ.

කස්ටිය මෝරා එන්නෙ එලට A/L පාස් වෙලානේ. අපි වගේ නෙවේනෙ. ;) එන්නෙ ඉතින් පට්ට කෑල්ලක් දා ගන්නම් කියලා. පස්සෙ ආවම 500 ක ටම ඉන්නෙ කෙල්ලෝ 20-30 ක් විතර. සිරා කෑලි ඉන්නෙ 5-6 ක් විතර. උන්ටත් කොල්ලෝ. :( ඉතින් අපේ කස්ටිය කමක් නෑ ලබන Batch එකෙන් බලමු කියල ඉන්නවා.

ඊලග Batch එක ආවම කතාව අර වගේමයි. කස්ටියට මාර මෝල් සහ අප්සෙට්. ඉතින් ඔහොම යද්දි Social වගේ functions එනවා. එතකොට අපේ ගෑනු ලමයි Make-up දාල Aish වගේ එනවා. එතකොට අපේ මෝල් තදවෙච්ච කස්ටිය මේ ගෝල්ලන්ට වශී වෙලා දා ගන්නවා. 

ඉතින් ඊට පස්සේ සිරා කොල්ලො එක්ක චා** කෙල්ලො සෙට් වෙලා ඉන්නවා. ඉතින් මේකට තමා මොරටු ආචරණය කියන්නේ. 

මෙක මම ආතල් එකට ලියපු එකක්. ක්වුරුත් තරහා ගන්නෙ නෑ නෙ. හැබයි ඉතින් ඇත්ත කතාව නෙ.

මෙන්න මං වගේ තව එකෙක්.

මාර සීන් එක්නේ. :) මාරයි කිව්වට මාරම නෑ. මැරතන් එක ගැන අද SBU එක දාපු බ්ලොග් එකේ මගේ නම තැන් 2 ක තියේ. ඒක වුනේ මට වැරදිලා මම දෙපාරක් මගේ බ්ලොග් එක submit කලා. කොහොම හරි මගේ නම දෙපාරක් තියේ.මරු. මේක දැකල ඒක අයින් කරයිද දන්නෑ. :(


මෙන්න මං වගේ තව එකෙක්.

මාර සීන් එක්නේ. :) මාරයි කිව්වට මාරම නෑ. මැරතන් එක ගැන අද SBU එක දාපු බ්ලොග් එකේ මගේ නම තැන් 2 ක තියේ. ඒක වුනේ මට වැරදිලා මම දෙපාරක් මගේ බ්ලොග් එක submit කලා. කොහොම හරි මගේ නම දෙපාරක් තියේ.මරු. මේක දැකල ඒක අයින් කරයිද දන්නෑ. :(


Status.net Twitter සහ OStatus

මන් හිතන්නේ කට්ටියම Twitter ගැන එලටම දන්නවා. :) Status.net කියන්නෙ Twitter වල නිදහස් මෘදුකාංග විසදුමක්. මේක ලියල තියෙන්නෙ PHP වලින්. ඒක හින්දා මේක අපේ server එකකට ලේසියෙන්ම දා ගත හැකි. 


Identi.ca කියන්නෙ Status.net වලින් දුවන එකක්. 

මේකෙ API එක Twitter වලට සමානයි. ඒක නිසා ගොඩක් Twitter Clients එක්ක මේකත් වැඩ. හැබයි මේක වැඩ කරන්නෙ Distribute විදියට Twitter වගෙ Centralized කෙනෙක් නෑ. ඒ කියන්නෙ අපිට ඕනම Status.net දාපු server එකක් ඉන්න අය එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි Wordpress, Google Buzz වගේ ඒවත් එක්කත් පුළුවන්. මේක පුළුවන් වෙන්නෙ OStatus කියන Specification එක හින්දා. හැබයි Twitter යි,Facebook කුයි මේකට තාම ගැලපෙන්නේ නැ. :( ඒ උනාට අපිට වෙන විදියට ඒවාට සෙට් වෙතෑකි. :)

මේක හදල තියෙන්නෙ PHP වලින් වුනාට මෙක Scale කරන්න පුළුවන් විදියට ලියල තියෙන්නෙ. 

මම මේක ගැන දන්නේ මේ පාර GSOC එකට මම Status.net වලට Twitter @anywhere වගේ Platform එකක් හදන්නයි ඉන්නෙ. :) සුබ පතන්න හොදේ.


අනාගතය ගැන සිතීම.

මට අද බ්ලොග් ලියන්න තියේ කියල මතක් උනේ අද ඊ - මේල් එක ආවම. මෙලෝ දෙයක් සෙට් කලේ නෑ. අඩුම ගානේ බිස්කට් පැකත් එකක්වත් . ඩාං ගාල කඩේට ගිහිල්ල මොනව හරි ගේන්න ඕන. බඩගිනි උනාම LIve රේඩියෝ එක කන්න බෑනේ නේ. :)

කුනුහරුප බ්ලොග් ලියවිල්ල

මම මේ ඊයෙ පෙරේදා දැක්කා මේ කිහිප දෙනෙක් සිංහල බ්ලොග් වල තිත්ත කුනුහරුප ලියලා. උන් හිතන්නේ ඒවා මාර ආතල් කියල. බම්බුව තමා. 
මම නම් කියන්නෙ Internet කියන්නෙ පොදු දෙයක්. හැමෝටම පේනවා කරන කියන හැම දේම. ඉතින් මේ වගේ දෙයක් කරනවා කියන්නෙ පොලක් මැදට ගිහිල්ලා කෑගහල කුනුහරුප කියනව වගේ වැඩක්. හැබයි අපිට ඒක කරන්න පුළුවන්. හැබයි ඉතින් හිතන්න ඊට පස්සේ වෙන දේ.

මේකත් ඔය වගේ දෙයක් තමා. Anonymous එවුන් නම් හිතයි අපිට අවුලක් නැ කියල. උන් ඉතින් කොන්දක් නැති එවුන්නේ.ඒ ගැන කතා ඕන නැ.

ඔන්න ඕකයි මගේ අදහස. 


Hello World මැරතන්

හරි. මම හිතන්නෙ දැන් මැරතන් එක පටන් ගත්තා. මරු. මේක නියමයි. පොඩි අවුලකට තියෙන්නෙ මෙක විනඩි 15 කට එකක් දාන්න තියෙන එකයි. වැඩකට ඇති දෙයක් ලියන්න ටිකක් අමාරුයි. කමක් නෑ! 

ලියන්න නම් සැහෙන්ට දේවල් තියේ. 
  • මගේ සිතුවිලි
  • ටෙක්
  • පිස්සු කතා.

බලමු මම කොහොම ලියයි ද කියලා.

Sunday, April 11, 2010

Ubuntu නිකුතු සාදයට සිංහල badges

Ubuntu 10.04 නිකුතුවට තව දින කිහිපයයි. ඒකට හන්ගේරියානු Ubuntu සමූහය Badges වගයක් හදල තියෙනවා. ඒක මම සිංහලට හැරෙව්වා. 



තැබිලි පාට එක බාගන්න.
දම් පාට එක බාගන්න.
SVG එක බාගන්න. (මෙය ඔබට වෙනස් කර ගත හැක. - Inkscape වලින්)

ඔයාගෙ බ්ලොග් එකෙත් මේක දාගන්න. හැමමෝටම කියන්න.

Thursday, April 8, 2010

මොකක්ද මේ chatroulette

chatroulette.com සමහර කට්ටිය මේක ගැන අහලත් ඇති. සමහරු නැතුවත් ඇති. සමහරු මේක දැනගෙන කතා නොකර ඉන්නවත් ඇති. මොකද දැන් ඒක ටිකක් විතර පාවිච්චි කරන්න අමාරුයි. :(

ඇතිතටම මොකක්ද මෙක?

chatroulette කියන්නෙ රුසියාවෙ අවුරුඳු 17 ක කොල්ලෙක් කරපු site එකක්. මේක දුවන්නේ Flash වලින්. මේකට සෙට් වෙන්න අනිවාර්‍යෙන්ම වෙබ් කැමරාවක් තියෙන්න ඕන. අපි මේ site එකට ගියපු හැටියෙම පට ගාල අපිට තව කවුරු හරි සෙට් කරල දෙනව වීඩියෝ chat එකක් දාන්න. ඒක random වෙන්නෙ. අපි ඒ පොරට කැමති නැත්තම් next කරල වෙන කෙනෙක් හොයා ගන්න පුලුවන්. අනිත් පැත්තෙ එක්කෙනාටත් ඒකම කරන්න පුළුවන්.

ඉතින් ඉතිං!

මොකක්ද මේකෙන් ඇති වැඩේ. මටනම් පේන විදියට ලොකු වැදකත් කමක් තාම නෑ. හැබයි metron කියල කෙනෙක් මෙකෙ හිටවන් සිංඳු කියල ජනප්‍රිය වෙලා එහෙම තියෙනව. ඒත් එක්කම Lady Gaga ගෙ සිංඳුවකට ගහපු කොමඩියක් හිට් වෙලා තියෙනව. තව ඉතින් කම්මැලි කමට නම් ශෝක්.

මොකක්ද අවුල?

මේකෙ අවුල තියෙන්නෙ system එකේ නෙවේ. ඒක පාවිච්චි කරන අපි වගේ අය හින්ඳයි.
  • privacy ප්‍රශ්නයක් තියෙනව, කටිටිය මේක screen record කරල YouTube එකට දානව.
  • අසභ්‍ය විදියට පෙනී ඉන්නව.
  • පිරිමි, ගෑනු විදියෙට ඉන්නව. (ඒක කෙල්ලො හොයන අයට තමා අවුල)

මේකෙ ඇති හොඳේ?

එහෙනම් මොන මගුලකට මේක අපි පාවිව්වි කරන්නෙ! 
  • අත්දැකීමක්/ෆන්-එකක් ගන්න.
  • සමහර වෙලාවට හොඳ marketing පාරකටත් හොඳයි.
  • මේක හදපු පොරගෙ අදහසට ගරු කරල.

මේකෙ දැන් දැන් අසභ්‍ය දර්ශන වැඩියි. බොරු වැඩ වැඩියි. ඒක හින්ද මේක පාවිචිචි කරන්න ටිකක් අමාරු වෙයි. (විශේසයෙන්ම ගෑනු ලමයිට). මට පේන විදියට මේකෙන් සාමාජිය එකමුතුවක් (social networking) නම් වෙන්නෙ නැති  හැඩයි. හැබයි ගිහිල්ල බලන්න මාර ආතල් එකක් ගන්න පුලුවන්.



Jaane Tu සහ යහළු යෙහෙළි ආදරය.

මම මේ අදහස කියන්න යන්නෙ අද(චන්දේ දවසේ රෑ) දෙරණේ ගියපු Jaane Tu Film එක බැලුවට පස්සෙයි. ඒකෙ ප්‍රධාන  කපල් එක යාලුවො දෙන්නෙක්. ආදරේ කරනව හැබැයි දෙන්නට දෙන්න දන්නෙ නෑ. කොහොම හරි අන්තිමට දෙන්න සෙට් වෙනව. තව කපල් එකක් චිත්‍රපටියෙ මුල් හරියෙම සෙට් වෙනවා.


ඒත් එක්කම තව කපල් එකක් ඉන්නව ඒ වගේම ලගින් අශ්‍රය කරපු හැබයි අන්තිමට උන් දෙන්න නම් සෙට් වෙන්නෙ නෑ. මට නම් හිතෙන්නෙ ඒක හොඳට හිතල දාපු එකක් කියල. මොකද හැමෝම එක වගේ නෑ කියල පෙන්නන්න. ඉන්දියාවෙ හරියට ඕව ගැන හිතන නිසා තව හේතුවක් වෙන්න ඇති.

ඔන්න ඕක තමා මගේ චිත්‍රපට විචාරය Jaane Tu හිංඳි චිත්‍රපටයට


බ්ලොග් marathon එකේදි Google Docs හරහා බ්ලොග් ලියමු.

සාමාන්‍යෙන් බ්ලොග් වල තියෙන editor එක හරි නැහැ. Google Docs වල එක මරු. ඒක නිසා Google Docs කොහොමද බ්ලොග් එකකට සෙට් කරන්නෙ කියල මේ Video එකෙන් පෙන්නනවා.

ඔයගොල්ලො මේක සිංහල බ්ලොග් මැරතන් එකට සහභාගි වෙන්න සහයෝගයක් වෙයි. 

Wednesday, April 7, 2010

සිංහල බ්ලොග් මැරතන් 2010 - මාත් එනවා!

මම එච්චර හොඳ සිංහල බ්ලොග් කාරයෙක් නෙවේ. මොකද මේක මගෙ පළවෙනි බ්ලොග් එක සිංහලෙන් ලියන. 
මම මැරතන් එකට එනවා! ලියන්න දේවල් තියෙනව සෑහෙන්න. 
  • ටෙක් වැඩ 
  • වල් පල්
  • මාර අදහස්
  • FOSS ගැන
ඒවායින් ට්කක්.

මම බ්ලොග් ලියන්න ගන්න Tools ගැන කතා කලොත්,
  • බ්ලොග් එක තියෙන්නෙ Blogger.com එකේ
  • මම බ්ලොග් ලියන්නෙ Ubuntu වල ඉඳන් IBUS එකේ සමනළ Input method එකෙන්.
  • මම මගේ Google Docs එක තමා editor එක විදියට පාවිච්චි කරන්නෙ. ඒක blogger එකට සෙට් කරල තියෙන්නෙ. පට්ට්.
  • බ්‍රව්සරේ විදියට පාවිච්චි කරන්නෙ Chromium

එහෙනෙම් අපි මැරතන් එකෙදි සෙට් වෙමු. මරුවට තියේවි නේද?