Friday, May 14, 2010

Status Update සහ පෙම් කෙරුවාව

මොක්කද මේ අපබ්‍රංෂ කතාව? Status Update දාන එක කොහොමද පෙම් කෙරුවාවට සම්බන්ද වෙන්නෙ. මේක ඉතින් පෙම් කෙරුවාවෙ එක අංගයකට මරුවටම සෙට් වෙනවා. 

එහෙමද? ඉතින් අපි දැන ගන්න ආසයි.

ඔය පෙම් කරන අය තමන්ගෙ එක්කෙනාට කියනවනෙ ඉතින් දැන් මම මේකයි, අරකයි, මෙහෙමයි කරන්නෙ කියල. ඉතින් පොඩි sms පාරක් දාල වගේලු ඕක කියන්නෙ. ඉතින් මට හිතෙනව මේක නිකන් facebook එකේ status update එකක් හරි tweet එකක් දාන එකට හරි සමානයි කියල. මොකද ඒකෙත් අපි දාන්නෙ ඔය දේමනෙ.

     



ඉතින් මගේ අදහස තමයි ඔය පෙම් කරන උදවිය facebook එකේ හරි twitter එකේ හරි account හදල තමන්ගෙ පාට්නර් මොනවද මේ වෙලාවෙ කරන්නෙ කියල දැන ගන්න පුලුවන්නෙ. mobile phone එකත් මේව එක්ක set කර ගන්න පුලුවන් නිසා වැඩේ තවත් ලේසියි. :)

ඔහොම කරාම වැඩ දෙකම වෙනවනේ. පෙම් කෙරුවාවයි. facebook කෙරුවාවයි. හැබයි ඉතින් මේ ගොල්ලෝ කියා ගන්න හැම දේම මෙවට දාන්න පුළුවන්ද කියන එකත් තව පුරස්නයක් තමා. :)

මේක මම කියන්නෙ මේ මගේ අත්දැකීම් වලින් එහෙම නෙවේ හොන්ඳේ. අනිත් අය කරන කියන දේවල් දිහා බලාගෙන තමයි.




5 comments:

  1. මෙතන මෙහෙම වැඩකුත් තියනවා... අපේ කට්ටිය facebook status එකට අන්තර්ජාලයෙන් හොඳ හොඳ පෙම් බස් තෝරලා ඒවා දානවා. තමන්ගෙ ලව් එක වර්ණනා කරලා, කෙල්ල වර්ණනා කරලා... එතකොට කෙල්ලත් මොකක් හරි හොයලා දානවා... නැත්තම් "අනේ ඇයි ම‍ට මෙහෙම වද දෙන්නෙ" කියලා දානවා... මං දන්න කෙල්ලෙක් ඉන්නවා ඒ කෙල්ලට (මොරටු ආචරණය නිසා වෙන්න ඇති) Batch 2ක කොල්ලො හතරක් විතර ට්‍රයි කරනවා... අර කොල්ලො හතර දෙනාගෙන් එක්කෙනයි හරියට Facebook status ක්‍රමය පාව්ච්චි කළේ. කෙල්ල නම් හැමදාම "අනේ දෙවියනේ මොන අපායක ද මම මේ හිර වෙලා ඉන්නෙ", "අනේ මට යහතින් ඉන්න දෙන්න, නැත්තං පිස්සු හැදෙයි" වගේ පට්ට status දානවා. මුළු සීන් එක ගැනම අවධානයෙන් ඉන්න අපට ඉතින් පුල් ආතල්. :P

    ReplyDelete
  2. කරමින් චොදනා ඉස්ටේටස් වෙතට
    හලමින් මහා බාල්දි පෙල්ලා හිසට
    අප්ඩේටයක් දැමුමට බැරිනම් නුඹට..
    මොනවා කරන්නද පූරුවෙ කොල පවට....

    ReplyDelete
  3. (ස්)ටේටස් නිසා අපෙ කොල්ලෝ ගොඩ යා නං,
    (ස්)ටේටස් එකට අපෙ කෙල්ලෝ බහ දේ නං
    (ස්)ටේටස් එකට මට කෙල්ලෙක් සෙට් වේ නම්,
    නොදමා ඉමුද? ඕවා උඹේ මල කෝලං

    ReplyDelete
  4. ස්ටේටස් දමා මට කෙල්ලෙක් සෙට් වූවා
    ආයිත් දමා මට එයාව නැති වූවා..:(.....:P

    ReplyDelete
  5. @SOLO

    අන්තිම පදේ මෙහෙම දැම්මොත් beet එකට යයි වගේ නේ එලටම.
    නොදමා ඉමුද? ඕවා..මළ කෝලං බං.

    :)

    ReplyDelete