Thursday, May 20, 2010

Technical බ්ලොග් සිංහලෙන් ලියන්න ඕනමද?

මම මේ කියන්නෙ යන්නෙ හුඟ කාලෙක ඉඳන් මට තිබ්බ පුරශ්නයක් ගැන. ඒ කියන්නෙ අපි Technical බ්ලොග් ලියනව. ඉතින් ඒව සිංහලෙන් ලියන එක හරිද කියන එකයි ගැටළුව. ඒක OpenSource  සම්බන්ද එකක් නම් ගැටළුඑ තවත් උත්සන්නයි. හරි මම මගේ කරුණු දක්වන්නම් කෝ.


1. සිංහල භාෂාව හා වචන පිළිබඳ ගැටළුව

අපි කවුරුත් දන්නව අපිට සිංහල වචන වල ගැටළු තියෙනව Technical domain එක සෙට් වුනාම. ඉතින් අපි Techical දෙයක් ගැන ලියද්දි ඔකට වචන සිංහලෙන් හොය හොය ඉන්න වෙලාවක් මට නම් නෑ. අනික ඕව සිංහලෙන් ලිව්වම කියවන අයටත් සෑහෙන අවුල්.

2. OpenSource සහ ලංකාවෙන් පිටතද යද්දී

අපි කවුරුත් දන්නව OpenSource ගැන කතා කලොත් ඒවට තියෙන help සහ documentation වලට අදාල කරුණු ලියවිල තියෙනව අඩුයි. ඉතින් අපි ලියන දේ හැමෝටම (මං කියන්නෙ ලංකාවෙන් පිට අයටත් එක්ක) බලා ගන්න පුළුවන්නම් වටිනව. තාම අපිට හොඳ සිංහල - English හෝ English - සිංහල translate වැඩසටහන් නෑ. ඒක නිසා වැඩේ සෑහෙන්ට අවුල්.

3. English දැන ගැනීමේ වැදගත් කම

මම මෙහෙම මතයක ඉන්නව. Software Industry එකට සම්බන්ඳ ඕන කෙනෙක් හොඳ English අවබෝදයකින් ඉන්න ඕන.  මොකද හිටු ගාල දෙවල් වෙනස් වෙනව. ඉතින් ඒව ගොඩක් වෙන්නෙ ලංකාවෙන් පිට. අපි ඒව දැන ගන්න ඕන නම් ඒව ගැන තියෙන ලිපි කියවන්න ඕන. ඒව ගොඩක් තියෙන්නෙ English වලින්. ඒ හැම එකම සිංහලෙන් හරවන්න වෙලාවක් අපිට නෑ.

අනික අපි ගොඩක් වෙලාවට Google එකේ search පාරක් දානව ගැටළුවක් ආවම. ඉතින් ඕවට උත්තර සිංහලෙන් එනව අඩුයි.
කොටින්ම කිව්වොත් අපි සිංහල පාවිව්වි කලොත් අපි ලංකාව ඇතුලේ කොටු වෙනව. 

ඔන්න ඔහොම තමයි මම මේක ගැන දකින්නෙ. දැන් ඉතින් මෙක ගැන තව අදහස් දෙන්න ඔයගොල්ලන්ට බාරයි.



8 comments:

  1. කොටින්ම කිව්වොත් අපි සිංහල විතරක් පාවිව්වි කලොත් අපි ලංකාව ඇතුලේ කොටු වෙනව.

    --

    අපි සිංහලෙන් ලියන තාක්ෂණික සටහන් කියවල කවුරු හරි කෙනෙක් දෙයක් ඉගෙනගන්නව. ඒ මදෑ. ඉංග්‍රීසි නොදන්න කෙනෙකුට මූලික දැනුමවත් ලබා ගන්න අපේ සටහන් සිංහලෙන් ලිවිය යුතුයි කියලයි මම හිතන්නෙ.

    සිංහලෙන් තාක්ෂණික සටහන් ලිවීම ගැන මගේ මතයත් මෙතනම ඉදිරිපත් කරන්නම්.

    හැම පාරිභාෂික වචනයක්ම සිංහලට හරවන්න ගියොත් මේක කොමඩියක් වෙනවා. ඒක කළ යුත්තෙ ඉතාම සියුම්ව සහ ඉවසිලිවන්තවයි.
    මම ලියන සටහන් වලදි එකම ලිපියේ එකම දේ හඟවන්න මම සිංහල පදයත් ඉංග්‍රීසි පදයත් මිශ්‍රව භාවිත කරනවා.
    උදාහරණයක් විධියට ගත්තොත්, එකම ලිපියේ එක තැනක shared folder යන පදයත්, තවත් තැනක හවුල් බහාළුම යන පදයත් දැකිය හැකියි. හවුල් බහාළුම අපේ අයට පාරිභාෂික සාමාන්‍ය වචනයක් ගානට හුරු වුණාට පසුව අපිට shared folder ගෙදර යවන්න පුළුවන්. :-)

    මම විශ්වාස කරන විධියට, මේක හොඳින් කරන්න පුළුවන් බ්ලොග්කරුවන්ට. ඒ බ්ලොග්කරණයේ තියෙන නිදහස් රටාව නිසා. පුවත්පතකට ලිවීම, විකිපීඩියාව වෙත දායක වීම, මෘදුකාංග දේශීයකරණය වගේ අවශ්‍යතා වලදි මේ රටාව අනුගමනය කරන්න අමාරුයි.

    කළ යුත්තේ සිංහල පාරිභාෂික වචන සාමාන්‍ය ජනයා වෙත හඳුන්වා දීමට සුදුසු මනෝවිද්‍යාත්මක ක්‍රම පිළිබඳ සොයා ඒවා අනුගමනය කරමින් ලේඛන කටයුතු වල යෙදීම.

    ReplyDelete
  2. අපි සිංහලෙන් ලියන තාක්ෂණික සටහන් කියවල කවුරු හරි කෙනෙක් දෙයක් ඉගෙනගන්නව. ඒ මදෑ. ඉංග්‍රීසි නොදන්න කෙනෙකුට මූලික දැනුමවත් ලබා ගන්න අපේ සටහන් සිංහලෙන් ලිවිය යුතුයි කියලයි මම හිතන්නෙ.

    --

    ඔව් මේක නම් ඇත්ත. ඒත් කාට හරි ඉදිරියට යන්න ඕන නම් english වලින් තියෙන දේවල් කියවන්න වෙනව. අපි ඒකටත් දිරිමත් කරන්න ඕන.

    ReplyDelete
  3. අයියෙ ඔයාගෙ කතාව ඇත්ත..ඒත් මේ සිංහල බ්ලොග් කියවන හැමෝටම වගේ සාමාන්‍ය ඉන්ග්‍රීසි ලිපියක් හරි කියවන්න පුලුවන්නෙ .නමුත් තාක්ශණික දේවල් වල මූලික දේවල් ටික ශාකුන්තල අයිය කිව්ව වගේ සිංහලින් ඉගෙන ගත්තම අනිත් දේවල් තනියම කරගන්න පුලුවන්

    සින්හලින් ලියල තියෙන තාක්ශනික බ්ලොග් වලින් ප්‍රයෝජන ලබාගත්ත කෙනෙක් විදියටයි මන් මෙහෙම කියන්නෙ

    ReplyDelete
  4. පහුගිය කාලෙ මම දැක්කා සමහරු මේ තාක්ෂණික බ්ලොග් හාස්‍යයට ලක් කරලා තියෙනවා, “ඕක ලියන්නත් දෙයක්ද, මට නං ටෙක්නිකල් දෙයක් ඕනෙ උනාම මම කරන්නෙ ඕවා කියවන එක නෙමෙයි, ගූග්ල් කරලා බලන එක“ කියලා.

    මම ඒ කතාවට විරුද්ධයි. අපි exactly දන්නවනං අපිට ඕනෙකරන්නෙ මේකයි කියලා, ගූග්ල් කරලා බලන එක හරි. ඒකෙ කිසි ගැටලුවක් නෑ. (හැබැයි මතක තියාගන්න ඕනෙ ඔය ගූග්ල් කලාම 80%ක් වගේ එන්නෙත් තව කවුරුහරි කඩ්ඩෙන් ලියපු බ්ලොග් ආටිකල් එකක් වග) නමුත් මේ තාක්ෂනික බ්ලොග් වලින් අපි නොදැන හිටි දේවල් දැනගන්න ලැබෙන අවස්ථා එමටයි.

    ඔහොම කුහක කමට කතා කලාට ඔය අයත් බ්ලොග්කරණය සහ වෙනත් ටෙක්නිකල් දේවල් ගැන ඔය තාක්ෂණික බ්ලොග් වලින්ම ඉගෙන ගන්නවාට මෙන්න කැට!

    ReplyDelete
  5. සිංහල භාෂාව හා වචන පිළිබඳ ගැටළුව ගැන කියනවා නම් ඒ ඒ ටෙක්නිකල් වචන හොය හොය ඉන්න ඕනා නෑ. ඒක එහෙම්මම දාන්න. අපි සිංහලෙන් ලියන්නෙ බලන සාමාන්‍ය මනුස්සයාට තේරුම් ගන්න මිසක් සිංහල පිලිබඳ මහාචාර්ය වරුන්ට නෙමෙයිනෙ..

    English දැන ගැනීමේ වැදගත් කම ගැනත් කතා කරලා තියෙන්නේ.. Industry එකේ ඉන්න මනුස්සයා තමන්ට english ඕනා නම් ඒක කොහොම හරි ඉගෙන ගන්නවා. නමුත් මම නම් සිංහලෙන් ටෙක්නිකල් ලිපි ලියන්නෙ හැමෝටම. ඒ කියන්නෙ පොඩි එකාගේ ඉඳන් වයකම කෙනා වෙනුවෙන්..

    මට හිතෙන්නෙ ඔයා සිංහලෙන් බ්ලොග් ලිවීම ගැන වැරදි අදහසකයි ඉන්නෙ.. අනික සිංහලෙන් ලිව්වා කියලා ලංකාවට කො‍ටු වෙනවා කියන එක පිලිගන්න බෑ. අපිටත් අපේ කියලා දෙයක් පෙන්නන්න තියෙන්න ඕනා..
    අනික් කාරනේ තමයි ගූගල් සර්ච් වල සිංහලෙන් උත්තර එන්න ඕනා නම් සිංහලෙන් සර්ච් කරලා බලන්න..

    ReplyDelete
  6. සිංහල පාවිච්චි කලොත් ලංකාව තුල කොටු වෙනවා කියන කතාව පැටලිලි සහගතයි නේද? පරිශීලකයගෙ සාක්ෂරතාව ඔතෙන්ට සෑහෙන දුරකට බලපානවා. ඔව්, දැනට ලංකාවෙ පරිගණකයක් පාවිච්චි කරන්නෙ යම් මට්ටමකට දැන උගත් පිරිසක් පමණයි, ඒ මට්ටමේ අයට යම්තාක් දුරකට ඉංග්‍රීසි පුලුවන්. ඉස්කෝලෙ යන කාලෙට පස්සෙ 'ඉගනගන්න' මානසිකත්වය ඉතුරුවෙන්නෙ ඉතාම සුලු පිරිසකට. බහුතරය දන්න දෙයින් වැඩක් ගන්නව මිසක් අලුත් දේ ඉගනගන්න බයයි. අන්න ඒ බහුතරය වෙනුවෙන් නේද මේ දේශීයකරනය සිද්දවෙන්න ඔනා.

    ඊට අමතරව අපි වගේ රජයේ පාසල් වලට ගිය ලමයින්ට ඉංග්‍රීසි කියන්නෙ ලොකූ බාධාධකයක්. 5-6 වසර වෙද්දි සිංහලෙන් ලියවුන ඕනම දෙයක් කියවලා තේරුම්ගන්න පුලුවන් වෙද්දි අපේ තිබුන ඉංගිරිසි දැනුම ගැන මතක් කරලා බැලුවනං.

    ශාකුන්තල කියපු විදියට දේශීයකරණය කිරිල්ල ඉතාම සියුම්ව සහ ඉවසිලිවන්තව කරන්න ඔනා වැඩක්. "ඔයාගෙ පරිගණකය විකර්මන්‍ය වෙලා තියෙන්නෙ දෘඩ තැටියෙ ආබාධිත වෘතකණ්ඩ නිසා, ගජිර්භිත හැඩසවීමක් කලා නම් හරි" කියද්දි අහං ඉන්න මනුස්සයගෙ පිංතූරයක් ගත්තනං දැනුමෙ තරාතිරම මොක උනත් මූන තියෙන්නෙ හතරැස් වෙලා නෙමෙයිද?

    අපි ලියන ලිපි සංකීර්ණ සිංහලෙන් නැතිව, නුහුරු වචන ඉංග්‍රීසි වචනෙත් එක්ක ලියමින් අද අඹ ඇටයක් සිටවමු. අපිට බැරි උනාට හෙට දවසේ කාට හරි ඒ අඹ ගසෙන් ඒලයක් ගන්න පුලුවන් වෙයි.

    ReplyDelete
  7. සිංහල කියන්නේ මම හිතන භාෂාව. ඒ වගේම සිංහල භාෂාවෙ අඛන්ඩතාවයට පරිගණක හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුල සිංහල භාවිතයක් අවශ්‍යයයි. විශේෂයෙන් මෘදුකාංග දේශීයකරණය වෙන්න ඕන. මේකෙන් අදහස් වෙන්නෙ සිංහල විතරක් භාවිතය නෙමේ. ඒක සමබර වෙන්න ඕන. අපට කවදාවත් ඉංග්‍රීසිය තරමට ලංවෙන්න බෑ. ලෝකයේ දැණුම නිශ්පාදනය වෙන්නෙ ඉංග්‍රීසියෙන්. ඒ නිසා ඉංග්‍රීසි අත්‍යාවශ්‍යයි. ඒක සිංහල භාෂාව අමතක කිරීමක් වීම හොද නෑ(මම සිංහල ජාතිආල කාරයෙක් නම් නෙවෙයි).

    ReplyDelete
  8. @Antrax
    "ඔයාගෙ පරිගණකය විකර්මන්‍ය වෙලා තියෙන්නෙ දෘඩ තැටියෙ ආබාධිත වෘතකණ්ඩ නිසා, ගජිර්භිත හැඩසවීමක් කලා නම් හරි"

    මොකද්ද අප්පේ මේ. හතරැස් නෙමෙයි වෙන්න තියන දේවල් සේරම උනා වගේ

    ReplyDelete