Saturday, April 24, 2010

කැළණියේ මහ සංගීත සංදර්ශණයක්!

අද එකපාරටම(ඊයේ රෑ) අපි බෝඩිමේ ඉන්නකොට Musical එකක සද්දයක් ආවා. කාලෙකින් ගියෙත් නෑ. අපේ සෙට් එක යන්න ලෑස්තිය. මොකද කරන්නෙ මාත් ගියා. මැරතන් එක ටිකකට නවත්තනවා කියල ගියා. අපි තියෙන තැන වත් දන්නේ නෑ. සද්දේ එන දිශාවට ගියා. ගියාම තමා තේරුනේ එතන සෙනග ගොඩක්. මාර ෆන් . අපිත් එලටම පිස්සු කෙලියා. ලෙලි යනකම් නැටුවා. වෙලාව ගියා දන්නේම නෑ. ඉවර වෙනකම්ම හිටියා. පාන්දර 2 යි . ආපහු ආවාම තමා මතක් වුනේ මැරතන් එක. ඔන්න ඉතින් ආයෙත් දුවනවා.



ආ. සංගීතය ගැහුවේ Sanidapa. 
  • අමල් 
  • නදිනි
  • සුරේන්ද්ර
  • අමිලා නදීශානි
  • කේ. සුජීවා 

ඇතුලු සෙට් එකක්ම ආවා.   

3 comments:

  1. සංගීත බලන්නත යනවා නෙ මැරතන් එක අස්සේ....

    ReplyDelete
  2. කව්ද කරේ? මර්වින් සිල්වා පදනමෙන් ද?

    ReplyDelete