Monday, April 26, 2010

MIT - UOK අපි OpenOffice මැරතන් එකට සූදානම්.

මම මේ කියන්න යන්නෙ MIT - UOK අපි 27 - 28 තියෙන OpenOffice මැරතන් එකට මේ දවස්වල සූදානම් වෙනවයි කියන්න. අපිට පෝය දවසේ මුළු දවසෙම පාවිච්චි කරන්න ලැබ් එක හම්බ වෙනව. ඒ එක්කම මේ දවස්වල ඒකට අවශ්‍ය කරන මෘදුකාංග ස්තාපනය කරගෙන යනව. ඒ කියන්නෙ OpenOffice 3.2 සහ qsFox . දැන් ඒ වැඩ කටයුතු ඉවර වී ගෙන යන්නෙ. අපිට මේ වැඩේට අපේ Department එකෙන් උපරිම සහයෝගය ලැබෙනවා. 


අපි මැරතන් එකට 35 ක විතර කන්ඩායමක් සහභාගී වෙන්න බලා පොරොත්තුවෙන් ඉන්නව. ඒක සියලුම වසර වල සිසුන්ගෙන් සැදුම් ලත් කන්ඩායමක්. අපේ කන්ඩායමට OpenSource වැඩ වලට කලින් සම්බන්ද වූ අය වගේම මේ වැඩේ තියෙන වටිනාකම     නිසා සහභාගි වන අයත් ඉන්නව. කාන්තාවනුත් සැලකිය යුතු පිරිසක් සහභාගී වෙනව. :) 

දැනට තොරතුරු මෙච්චරයි. පෝය දවසෙ වන මේ පුණ්‍ය කර්මයට සම්බන්ද වෙලා පින් එකතු කර ගන්න අපි සූදානමින් ඉන්නෙ. අපි හිතනව ඔයගොල්ලොත් එහෙම ඇති කියල. 

8 comments:

  1. අපිත් එනවෝ...

    ReplyDelete
  2. මාත් එනවෝ ......

    ReplyDelete
  3. වතුර රෙඩි දුවනකං මේ බලං ඉන්නේ
    දෙන්නෙ නෑවෙන්න හරිද

    ReplyDelete
  4. එළ එළ. මේකෙ වතුර ගැහිල්ල මොන වගේ වෙයිද?

    ReplyDelete
  5. අපේ ෆුල් සපෝට් එක

    ReplyDelete
  6. අපෙත් සහයෝගය :)

    ReplyDelete